ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධවල මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුර…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දොලොස් දෙනෙකුට චෝදනා එල්ලවී ඇති හියුමන්ඉමියුනොග්ලොබියුලින් නැමැති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ  මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා තිබූ බව අද අධිකරණයේදී අනාවරණය විය.

ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම ඖෂධයට අදාළව සිදු කළ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී ය.

බාල ඖෂධ ලෙස හඳුනාගත් හියුමන්ඉමියු⁣නොග්ලෝබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකට යවා පරීක්ෂා කර තිබේ.

එම පරීක්ෂණ වාර්තාවට අනුව හියුමන්ඉමියු⁣නොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක ඖෂධයක් වන රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බවට තහවුරුවී ඇතැයි  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *