ආපදාවට ලක් වූ දරුවන්ගේ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින්න!

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පෞද්ගලික තොරතුරු බෙදා හැරීමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. මෙලෙස තොරතුරු ප්‍රචාරණය කිරීමෙන් එම දරුවන්ගේ හැඳුනුම් සහ පෞද්ගලිකත්වය අනතුරට ලක්වී, එම දත්ත ජාවාරම්කරුවන් සහ වෙනත් අපරාධකරුවන් අතට පත්වීමට ඉඩ ඇති බව අමාත්‍යාංශය අනතුරු අඟවයි. එම තොරතුරු ළමා සූරාකෑමට, ජාවාරම්වලට හෝ ඒ ආශ්‍රිත වැරදි සඳහා යොදා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කරයි. ආපදාවට පත් දරුවන්, පශ්චාත් ආපදා ළමා ජාවාරම් සිදුවීම් හෝ එවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 1929 ළමා උපකාරක සේවයට හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී වෙත දැනුම් දෙන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී. අමාත්‍යාංශය අවසාන වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම විටම ආපදාවට පත් දරුවන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් අනුකම්පාවෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *