ආපදාවෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 2.5 ක උපරිම වන්දි!

ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 2.5ක වන්දියක් ලබා දීමට රජය කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම වන්දි මුදල හානිය තක්සේරු කිරීම මත පදනම්ව ගෙවනු ලබන බවයි. නිවාසවල සනීපාරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ පිරිසිදු කිරීමට ආරම්භක ප්‍රදානයක් ලෙස රුපියල් 25,000ක් පමණක් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස ඒ මහතා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *