ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා සහය වීම පිණිස ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටාර්ලින්ක් (Starlink) සමාගම විසින් ස්ටාර්ලින්ක් ඒකක 100ක් පරිත්‍යාග කර ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටියේ, මෙම පරිත්‍යාගය මගින් සන්නිවේදනය සහ සම්බන්ධතාව ශක්තිමත් කිරීමට උපකාරී වන බවත්, එමගින් සහන සහ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන් වඩාත් ඵලදායීව සිදු කිරීමට හැකි වන බවත්ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) මාධ්‍ය අමතමිනි. තවදුරටත් ආපදා ප්‍රතිචාර මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දෘඪාංග ඒකක දැනටමත් දිවයිනට පැමිණ ඇති බවත්, ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට භාර දීමට පියවර ගනිමින් සිටින බවත් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.


























