ආපදා සහන සඳහා රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවක් අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අද උදෑසන මෙම අතිරේක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 2026 වර්ෂය සඳහා වන මෙම අතිරේක ඇස්තමේන්තුව මගින් ආපදාවට ලක්වූවන් නඟාසිටුවීමට අපේක්ෂා කරන අතර, එය ඉදිරියේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. මෙම අතිරේක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය හෙට (19) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එදිනම එය අනුමත කරගැනීමට ද නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *