සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා..
හර්ෂන රුක්ෂාන්..
(සභාපති
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය..)..
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ ගියොත් ලබන සතියේ වෙනකොට සියයට 25කින් හෝ ආපනා ශාලාවල මිල ඉහළ නංවන්න සිදුවෙනවා..
අපි දැම්ම රජයේ අපහසුතාවයකට පත් කරන්න කැමති නෑ.
නමුත් ලක්ෂ ගානක් සිටින අපේ ආපනශාලා ආරක්ෂා කර ගත යුතුයි..
එහි සේවකයෝ ජීවත් වෙන්න ඕනෙ..මේ විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරොත් හාල්් පොල් ආපනශාලාවලට ගැටළුවක් වෙනවා..
පාරිභෝගිකයෝ අහනවා ඉස්සර වගේ කිරි හොදි නැත්තේ ඇයි කියල.මාළු වලට හොදි නැත්තේ කියලා..දැන් ඒ ගණන් වලට දෙන්න බෑ..
දිගින් දිගටම බඩු මිල වැඩිවෙනවා හාල් පොල් වැඩි වෙනවා..ඒවට අපිට විසඳුම ඕනේ..