ආරක්ෂක හමුදා වැටුප් අර්බුදයට ඩොලර් මිලියන 130ක රහස් පරිත්‍යාගයක්!

අත්‍යවශ්‍ය මුදල් පනතක් ඔක්තෝබර් පළමුවැනිදා වන විට සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අර්බුදයට ලක්ව ඇති පසුබිමක, ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා තම හිතවත් පාර්ශ්වයක් ඩොලර් මිලියන 130ක පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, මෙම විශාල මුදල පරිත්‍යාග කළ පුද්ගලයා හෝ පාර්ශ්වය පිළිබඳ තොරතුරු මේ වන තෙක් හෙළිදරව් කර නොමැත. ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පරිත්‍යාගය ඔවුන්ගේ සාමාන්‍ය පරිත්‍යාග භාරගැනීමේ අධිකාරිය යටතේ භාරගත් බවත්, පරිත්‍යාගකරු විසින් පනවා ඇති කොන්දේසි අනුව මෙම මුදල ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වැටුප් සඳහා පමණක් යොදවන බවත්ය.​එහෙත්, මිලියන 1.3කට ආසන්න ආරක්ෂක හමුදා සෙබළුන්ගේ වැටුප් අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ඩොලර් මිලියන 130ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන් පෙන්වා දෙයි. එපමණක් නොව, පරිත්‍යාගකරුගේ අනන්‍යතාවය මෙසේ රහසිගතව තබාගැනීම සහ මෙවැනි පරිත්‍යාගයක් හමුදාවන්හි වැටුප් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් එරට කොංග්‍රස් මණ්ඩලය තුළද ප්‍රබල කතිකාවතක් හා ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *