ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය පහසුකමක්!

​ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම, තරගකාරිත්වය ඉහළ නැංවීම, ආර්ථික පාලනය ශක්තිමත් කිරීම සහ තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2026–2028 කාලසීමාව සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මීට පෙර 2023-2024 කාලසීමාව තුළ RESET සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් හිමිවූ අතර, මෙම නව මූල්‍ය පහසුකම ප්‍රධාන වශයෙන් තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ආර්ථික පාලනය ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිවී තිබේ.

What's your reaction?

Related Posts

1 of 144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *