ආසියානු කුසලාන අවසන් පූර්ව සටන: ප්‍රබල ඉන්දියාව හමුවේ යොවුන් සිංහයෝ අද පිටියට!

ඩුබායි හි අයි.සී.සී. ඇකඩමි ක්‍රීඩාංගණයේදී අද (සිකුරාදා) පැවැත්වෙන 2025 ACC වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේදී, අපරාජිත ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අමතක නොවන ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිටියට පිවිසෙයි. ‘B’ කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායක විමත් දින්සර සහ ආරම්භක පිතිකරු කවිජ ගමගේ ශක්තියක් වී සිටිති. විශේෂයෙන්ම විග්නේෂ්වරන් ආකාශ් සහ සෙත්මික සෙනෙවිරත්න ඇතුළු පන්දු යැවීමේ බලඇණිය ඉන්දියාවේ ප්‍රබල පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​අනෙක් පසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්ථානය සහ මැලේසියාව පහසුවෙන් පරාජය කරමින් පැමිණි ඉන්දීය කණ්ඩායම අතිශය ප්‍රබල මට්ටමක පසුවෙයි. අභිග්‍යාන් කුන්ඩුගේ ඓතිහාසික ද්විත්ව ශතකය සහ දීපේෂ් දේවේන්ද්‍රන්ගේ දක්ෂ පන්දු යැවීම ඔවුන්ගේ ජයග්‍රහණවලට පදනම විය. මීට පෙර දෙරට අතර පැවති තරඟ 39 ක ජය ඉන්දියාව සතු වුවද, පීඩනය හමුවේ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සතු හැකියාව මෙම තීරණාත්මක තරඟයේදී වාසිදායක වනු ඇත. අවසන් මහා තරඟය සඳහා වරම් දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යොවුන් සිංහයන් අද සිය උපරිම දක්ෂතා දැක්වීමට සූදානමින් සිටියි.​

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම:විමත් දින්සර (නායක), කවිජ ගමගේ, දිමන්ත මහවිතාන, වීරන් චමුදිත, දුල්නිත් සිගේරා, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), කිත්ම විතානපතිරණ, සෙත්මික සෙනෙවිරත්න, සනුජ නිඳුවර, කුගදාස් මාතුලන්.​

ඉන්දීය යොවුන් කණ්ඩායම:ආයුෂ් මාත්‍රේ (නායක), වෛභව් සූර්යවංශි, විහාන් මල්හෝත්‍රා, වේදන්ත් ත්‍රිවේදි, අභිග්‍යාන් කුන්ඩු (කඩුලු රකින්නා), හර්වන්ෂ් පන්ගාලියා, කනිෂ්ක චෞහාන්, කිලාන් පටෙල්, දීපේෂ් දේවේන්ද්‍රන්, කිෂාන් කුමාර් සිං, උද්භව් මෝහන්.

What's your reaction?

Related Posts

1 of 910

Leave A Reply

Your email address will not be published. Required fields are marked *