ආහාර උද්ධමනය සහ ආහාර අනාරක්ෂිත භාවයට ඉහළයාම නිසා යළි මන්ද පෝෂණය වැඩි විය හැක .

තවමත් රට තුළ නමුත් මතක ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධ වන කටයුතු මූලික අවධියේ පවතින බැවින් ඉදිරි කාලයේදී ආර්ථික උද්ධමනය ඉහළ යාම සහ ආහාර අනාරක්ෂිතතාවය සමාජය තුළ පැතිර යාමක් සිදුවුවහොත් යලිත් ග්‍රාමීය අද නාගරික වතු ජනපද ආශ්‍රිතව පොෂණ අර්බුදයක් නිර්මානය වීමට ඇති හැකියාව ඉහළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

තාමත් ජන ජීවිතය ස්ථාවර තත්ත්වයට පත්වෙන්නම තිබීමත් ගොවීන්, ධීවර ජනතාව, කම්කරු ජනතාව, වතු ආශ්‍රිත ජනතාවකද කොළඹ ගම්පහ කළුතර හම්බන්තොට මාතර, අනුරාධපුර, මොණරාගල පොළොන්නරුව සහ උතුරු නැගෙනහිර කලාප වල ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ආහාරවල මිල ඉහල අගයක පැවතීම හා එම ජනතාව ස්ථාවර ආදායම් මාර්ග වෙතට යොමු නොවීම නිසා දෛනිකව පවුලක ආහාර වේලක් සඳහා වැය කරමින් මුදල ඉහළ යාමෙන් මෙම අර්බුදය වෙත ගමන් කළ හැකි බව ඔහු පෙන්වා දීම.

ආහාර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යාමත් ලැබෙන ආදායම් මාර්ග අඩුවීම ද ඉදිරියේ ඇතිවන වියලි කාල ගුණ තත්ත්වයක් සමග මෙම කලාප තුළ පැවතුණහොත් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත් දිගටම පැවතුණහොත් නැවත වතාවක් කුඩා දරුවන් සහ ගර්භනී මවරුන්ද වැඩිහිටියන් අතරද පෝෂණ අර්බුද නිර්මාණය විය හැකි බව පෙන්වා දෙයි.

කුඩා දරුවන් සහ ගර්භණී මවරුන් ඉලක්ක කොට සාර්ථක පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුවන අතර මීට පෙර රජයක්ද අයවැය මඟින් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ ද ඒවා ප්‍රායෝගික වශයෙන් ජනතාවට නොලැබීම නිසාද නිර්මාණය වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව රජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය තුළද හරි මෙම ඇති විය හැකි තත්ත්වය සම්බන්ධව කල් තියා සූදානම් වීම වැදගත්කම ඔහු අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *