ඇමති විජිත හේරත්ගේ නම විකුණා කැනඩා යවන බව කී හිටපු එජාප මන්ත්‍රී දැලේ

​විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ව්‍යාජ නිල ලිපි ශීර්ෂ භාවිතා කරමින් විදේශ රැකියා ජාවාරමක නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ නවාතැන්පොළක සිට මෙම ජාවාරම මෙහෙයවමින් සිටියදී ජනවාරි 26 වනදා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ අමාත්‍ය ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහ රැකියා අයදුම්පත් රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.​කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 11 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පිළිගෙන තිබේ. මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයෙකුගේ කාර්ය මණ්ඩලයේ ද සේවය කර ඇති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකි. ජනවාරි 27 වනදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු, ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මොහු වසර කිහිපයක සිට මෙවැනි වංචාවල නිරතව ඇති බවත්, මහනුවර අධිකරණවල ඔහුට එරෙහිව තවත් නඩු කිහිපයක් පවතින බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *