ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ජනපති අනුර කුමාර දිසානායක ස්තූති කරයි!

පසුගිය මාසයේදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ විනාශය හේතුවෙන් ලැබුණු ගංවතුර සහන ආධාර සහ හදිසි ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින (දෙසැම්බර් 09) X (ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තූතිය පළ කළේය. “අපහසු කාලයකදී යළිත් වරක් අප සමඟ සිටීම ගැන ඇමරිකාවට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මගේ කෘතඥතාව” යැයි ජනාධිපති දිසානායක X හි පළ කළේය. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “ඉක්මනින්ම යෙදවූ C-130 ගුවන් යානා සහ ක්ෂණිකව ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක හදිසි ආධාරය, අපගේ ජනතාව අතර ඇති සමීප සබඳතා සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුළ මුල් බැසගත් අපගේ නොමැකෙන හවුල්කාරිත්වයේ ශක්තිය පිළිබිඹු කරයි” යනුවෙන්ද සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *