අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්.
විදෙස් වාර්තා සදහන් කළේ, මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ ක්‍රම සාකච්ඡා කරමින් සිටින බවයි.
යුක්රේන යුද්ධයත් සමග රුසියාවට එරෙහිව අමෙරිකාව සම්බාධක පැනවීමෙන් පසුව බ්‍රික්ස් ආර්ථික සහයෝගීතාවය තීව්ර වී ඇති බවයි වාර්තා වන්නේ.