ඉරානය සහ ඇමරිකාව අතර පවතින දැඩි යුදමය උණුසුම මධ්‍යයේ, ඇමරිකානු යුද නැව් දෙකක් ප්‍රථම වතාවට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ. ඉරාන ඉලක්ක වෙත එල්ල වූ ඒකාබද්ධ ප්‍රහාරවලින් අනතුරුව සිදුවූ මෙම මෙහෙයුම හරහා අදාළ මුහුදු මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ඇමරිකානු නාවික හමුදාව විසින් එම කලාපයේ ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, මෙම මෙහෙයුම සඳහා ටෙහෙරාන බලධාරීන්ගේ කිසිදු සම්බන්ධීකරණයක් ලබාගෙන නොමැති වීම විශේෂත්වයකි.සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ඉරානයේ නාවික සහ ගුවන් බලය මේ වන විට අඩපණ කර ඇති බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත වනු ඇති බවයි. සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට එකඟ වීමත් සමඟ ඉරානයට බෝම්බ හෙළීම නතර කළ බව පවසන ඔහු, ලොව ගුණාත්මකම තෙල් ඇමරිකාව සතු බවත් ඒවා ලබාගැනීම සඳහා හිස් තෙල් නැව් සිය රටට පැමිණෙනු ඇති බවත් විශ්වාසය පළ කරයි.දෙරට අතර සාම සාකච්ඡා පිළිබඳ අවධානය යොමුව පවතින පසුබිමක මෙවැනි ප්‍රකාශ නිකුත් වීම දේශපාලනික වශයෙන් තීරණාත්මක වේ. කලාපීය නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකාව ගෙන යන මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළඳපොළ කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇත. පවතින අවිශ්වාසය මධ්‍යයේ වුවද, සමුද්‍ර සන්ධිය විවෘත වීම හරහා බලශක්ති සැපයුම් ජාලය යළි සක්‍රීය වනු ඇතැයි ඇමරිකානු පරිපාලනය අපේක්ෂා කරයි.
























