ඇමරිකානු විදේශ සේවයේ දැවැන්ත සංශෝධනයක්: ශ්‍රී ලංකා තානාපතිවරිය ඇතුළු 30ක් ඉවතට!

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව ප්‍රථමයෙන්” (America First) ප්‍රතිපත්තියට පූර්ණ සහය දක්වන නිලධාරීන්ගෙන් රාජ්‍යතාන්ත්‍රික සේවය ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ඇතුළු වෘත්තීය මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයින් 29 දෙනෙකු යළි කැඳවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ බයිඩන් පරිපාලනය යටතේ පත් වූ මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ගේ සේවා කාලය එළඹෙන ජනවාරි මාසයෙන් අවසන් වන බවට පසුගිය බදාදා දැනුම් දී ඇති බවයි. ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදී දේශපාලන පත්වීම්ලාභීන් ඉවත් කළද, වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින් මෙලෙස ඉවත් කිරීම කැපී පෙනෙන තත්ත්වයකි.​තානාපතිවරුන් යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නියෝජිතයන් වන බැවින්, ඕනෑම පාලනයක් යටතේ මෙවැනි වෙනස්කම් සිදුවීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම වෙනස්කම්වලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපයට වන අතර, ආසියා-පැසිෆික් කලාපයෙන් හය දෙනෙකු සහ දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල තානාපතිවරුන් මෙලෙස ඉවත් කර ඇත. කෙසේ වෙතත්, මෙම හදිසි ඉවත් කිරීම් සම්බන්ධයෙන් විදේශ සේවා වෘත්තීය සමිති සහ නීති සම්පාදකයින් සිය කනස්සල්ල පළ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 528

Leave A Reply

Your email address will not be published. Required fields are marked *