ඇමරිකානු විශේෂ බලකාය විසින් සිදු කරන ලද සුවිශේෂී වැටලීමකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ආ බවත්, ඒ අනුව වෙනිසියුලාව තාවකාලිකව ඇමරිකානු පාලනය යටතට පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේය. ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ හි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, වෙනිසියුලානු ජනතාවගේ යහපත ගැන නොසිතන වෙනත් අයෙකු බලයට පත්වීමට ඉඩ නොතබා, නිසි සංක්‍රාන්ති සමයක් උදාවන තෙක් ඇමරිකාව එරට පාලනය කරන බවයි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස ඇමරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවට ඇතුළු වී එරට අඩපණ වී ඇති තෙල් යටිතල පහසුකම් යළි ගොඩනගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.කෙසේ වෙතත්, මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස හඳුන්වා දුන්නද, ට්‍රම්ප්ගේ අවධානය තෙල් සම්පත කෙරෙහි යොමුවීම විචාරකයින්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත. වෙනිසියුලානු අගනුවර වන කරකාස් හි විදුලි බලය ඇණහිටුවමින් සහ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කළ මෙම රහසිගත මෙහෙයුමේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන නාවික නෞකාවක් මගින් ඇමරිකාවට රැගෙන එනු ලැබීය. නිව්යෝර්ක් නුවර ස්ටුවර්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑ මදුරෝ, දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ බෘක්ලින් හි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ කොකේන් ආනයනය කිරීම ඇතුළු චෝදනා රැසකට ලක්ව සිටින මදුරෝ සහ ඔහුගේ බිරිඳ එළඹෙන සඳුදා මැන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, වෙනිසියුලාවේ සැබෑ පාලනය තවමත් මදුරෝගේ රජය සතුව පවතින පසුබිමක, ට්‍රම්ප් පවසන පරිදි ඇමරිකාව එරට පාලනය කරන්නේ කෙසේද යන්න සහ ඇමරිකාව ඉවත් වූ පසු රටේ නායකත්වය ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැත.


























