ඇමරිකාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සුපිරි හෙලිකොප්ටර් 10 ක් තෑගි!

එක්සත් ජනපද නාවික හමුදාව සතු TH-57 (Bell 206 SEA RANGER) වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් කිසිදු අයකිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර ඇත. ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදිත, අතිශය විශ්වාසදායක සේවාවක් ලබාදිය හැකි මෙම හෙලිකොප්ටර් යානා දසම අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන (Excess Defence Articles Program) යටතේ මෙරටට පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චං මහත්මිය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළාය.​මෙම හෙලිකොප්ටර් යානා 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය. ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ආපදා අවස්ථාවලදී සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ඉටුකරන සුවිශේෂී කාර්යභාරය තානාපතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. මෙම ප්‍රදානය හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා ඇණිය ශක්තිමත් වන අතර, නියමුවන් පුහුණු කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් හදිසි ආපදා කළමනාකරණ හැකියාව ඉහළ නැංවීමට මින් විශාල පිටුවහලක් ලැබෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 934

Leave A Reply

Your email address will not be published. Required fields are marked *