“ඇමරිකාව ශ්‍රී ලංකාව සමඟ”: ආපදා තත්ත්වය පිළිබඳව ශෝකය පල කරයි

​’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින දැඩි කාලගුණික තත්ත්වය, ගංවතුර සහ නාය යෑම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය බලවත් ශෝකය ශ්‍රී ලංකාවේ ජනතාවට පල කර ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක ටොමී පිගොට් (Tommy Pigott) මහතා ‘X’ හි සටහනක් තබමින් කියා සිටියේ, “අපට අහිමි වූ ජීවිත ගැන අප ශෝක වන අතර, ආධාර සැපයීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අයට අපගේ කෘතඥතාව පල කරමු. ඉදිරි දිනවලදී සහන ප්‍රයත්න සඳහා සහාය වීමට එක්සත් ජනපදය සූදානම්ව සිටී,” යනුවෙනි.

What's your reaction?

Related Posts

1 of 543

Leave A Reply

Your email address will not be published. Required fields are marked *