ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික මුදලක් වංචා කළ ව්‍යාපාරිකයෙකුට සිර දඬුවම්

ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් පලතුරු කන්ටේනර් දෙකක් සඳහා ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකානු අපනයනකරුට රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවීමට ද අධිකරණය විසින් විත්තිකරුට නියෝග කර තිබේ. පිටකොටුවේ පලතුරු තොග වෙළෙන්දෙකු වන විත්තිකරු, කන්ටේනරය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවීමට එකඟතාව මත ඇමෙරිකානු අපනයනකරුවෙකුගෙන් දීර්ඝ කාලයක් තිස්සේ පලතුරු ආනයනය කර ඇත. මීට පෙර අවස්ථාවලදී ද විත්තිකරු භාණ්ඩ මිලදී ගෙන නියමිත වේලාවට ගෙවීම් කර තිබූ බැවින් මෙම ව්‍යාපාරය දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය විශ්වාසය මත පවත්වාගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ඇමෙරිකානු අපනයනකරු ඔහු වෙත එවන ලද මිදි සහ ඇපල් වැනි පලතුරු සහිත අවසන් කන්ටේනර් දෙක සඳහා විත්තිකරු ගෙවීම් පැහැර හැර තිබිණි. මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසුව, විත්තිකරු වැරදිකරු බවට තීරණය කර ඇති අතර, මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය විසින් ඔහුට දඬුවම් නියම කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 833

Leave A Reply

Your email address will not be published. Required fields are marked *