‘ඇල්ටෝ ධර්මේ’ ගේ තියුණු ආයුධ කල්ලිය කොටු වෙයි: ලක්ෂ 25ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තා මෙහෙයවූ දරුණු ගණයේ අපරාධ කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙන්ම ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් කඩු තුනක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.​පොලිස් විමර්ශනවලට අනුව, මෙම කල්ලිය ‘දුමිඳු’ නමැති සමීපතමයෙකුගේ උපදෙස් මත මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් ‘ඇල්ටෝ ධර්මේ’ ගේ ප්‍රතිවාදීන් ඉලක්ක කර මාරාන්තික ප්‍රහාර එල්ල කර තිබේ. පසුගිය 26 වැනිදා මොරටුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවකට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියටද මෙම සැකකරුවන් සෘජුවම සම්බන්ධ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.​සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මැඩලීමේ මෙහෙයුම් යටතේ සිදුකළ මෙම වැටලීමෙන් පසු, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශයේ සිදුවූ තවත් ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට මොවුන්ගේ සම්බන්ධතාවයක් පවතින්නේද යන්න පිළිබඳව ද මේ වන විට කරුණු සොයා බලමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *