ඇහැළියගොඩ ඇලෙන් තරුණියකගේ සිරුරක්: මරණය පිළිබඳ සැක

රත්නපුර, වේවැල්වත්ත පොලිස් වසමේ, රත්ගම ජල මාර්ගයේ පිහිටි කුඩා ජල විදුලි බලාගාරයක වේල්ල ආසන්නයේ තිබී 21 හැවිරිදි තරුණියකගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මියගිය තරුණිය රත්නපුර ප්‍රදේශයේම පදිංචිකාරියක් බවට හඳුනාගෙන තිබේ. මුලික පොලිස් පරීක්ෂණ අනුව, ඇය බැංකුවකින් ඇයගේ අස්වැසුම ආධාර මුදල් ලබාගැනීමට රත්නපුර නගරයට ගොස් ඇති අතර, නැවත නිවසට එන අතරතුර යම් අපරාධයකට ගොදුරු වී ඇතැයි සැක කෙරේ. තවද, සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ ඇයට අයත් යැයි සැලකෙන ඇඳුම් කිහිපයක් ද සොයාගෙන ඇතැයි බලධාරීන් වාර්තා කරයි. ඇයගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉදිරි පරීක්ෂණ අනුව තවත් තොරතුරු වාර්තා කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 896

Leave A Reply

Your email address will not be published. Required fields are marked *