උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ-ෂරිෆ් නගරය ආසන්නයේ අද දින හටගත් ප්‍රබල රික්ටර් මාපක 6.3ක භූ කම්පනයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර 260 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවද වාර්තා වේ.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පැවසුවේ, 523,000 ක පමණ ජනගහනයක් වෙසෙන මසාර්-ඊ-ෂරිෆ් නගරය ආසන්නයේ කිලෝමීටර් 28 ක ගැඹුරකින් භූ කම්පනය ඇති වූ බවයි.මසාර්-ඊ-ෂරිෆ් අසල පිහිටි කඳුකර උතුරු පළාතක් වන සමන්ගන්හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සමිම් ජොයණ්ඩා රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “අද උදෑසන වන විට තුවාල ලැබූ පුද්ගලයින් 150 ක් සහ දිවි පිදූ හත් දෙනෙකු වාර්තා වී සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත මාරු කර ඇති” බවයි. මෙම සංඛ්‍යාලේඛන සඳුදා උදෑසන වන විට රෝහල් වාර්තා මත පදනම් වූ බවද ඔහු පැවසීය.ඇෆ්ගන් තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, බල්ක් සහ සමන්ගන් පළාත්වල කොටස් වලට වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර, එය පුරවැසියන් ගණනාවක් අතර මරණ ඇති කිරීමට හේතු වූ බවයි. තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීමටත්, පීඩාවට පත් පවුල්වලට සහාය වීමටත්, වහාම හමුදා ගලවා ගැනීමේ සහ හදිසි ආධාර කණ්ඩායම් එම ප්‍රදේශයට පැමිණ මෙහෙයුම් ආරම්භ කළ බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කළේය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂරාෆට් සමන් පැවසුවේ, ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාකාරී වන අතර මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි. “සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශයට පැමිණ ඇති අතර, අවට රෝහල් සියල්ල සූදානම් කර ඇත,” සමන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.USGS සිය PAGER පද්ධතියේ (භූමිකම්පා වල බලපෑම පිළිබඳ තොරතුරු නිපදවන ස්වයංක්‍රීය පද්ධතිය) තැඹිලි පැහැති අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ, “වශාල හානි සිදුවීමට ඉඩ ඇති අතර ව්‍යසනය පුළුල් විය හැකි බව” යන්නයි.ඇෆ්ගනිස්ථානය භූ කම්පන වලට විශේෂයෙන් ගොදුරු විය හැකි රටකි. මන්දයත් එය පුළුල් හානියක් සිදුකිරීමේ හැකියාව ඇති සක්‍රීය භංග කලාප (active faults) දෙකක් මත පිහිටා ඇති බැවිනි.මෙම භූ කම්පනය හේතුවෙන් බල්ක් පළාතේ මසාර්-ඊ-ෂරිෆ්හි පිහිටි පූජනීය සිද්ධස්ථානයක් වන නිල් පල්ලියට (Blue Mosque) අර්ධ වශයෙන් හානි වී ඇති බව පළාත් ප්‍රකාශක හජි සයිඩ් පැවසීය. සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීමේ ගලවා ගැනීමේ ප්‍රයත්නවල වීඩියෝ සහ ගොඩනැගිලිවල කඩා වැටුණු සුන්බුන්වල දර්ශන සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වී තිබුණි.





















