දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ප.ව. 1.00 න් පසුව ඇති වීමට ඉඩ ඇත. බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වීමට ඉඩ තිබේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක් පමණ තරමක තද වැසි ද ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.






















