ඉදිරි පැය 36හි කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 36හි කාලගුණික තත්ත්වය පිළිබඳව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි. මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *