ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

ඉදිරි පැය 36ට අදාළව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *