ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද නවීනතම SUV රථ 20ක් ශ්‍රී ලංකා හමුදා බලඇණියට එක් කිරීමත් සමඟ වසරකට රුපියල් මිලියන 18කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව තිබේ. දෙරටේ හමුදාවන් අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සංකේතවත් කරමින්, මෙම වාහන තොගය නිල වශයෙන් භාර දෙනු ලැබුවේ ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා පසුගියදා මෙරට සිදුකළ සංචාරය අතරතුරදීය.යුද හමුදාව සඳහන් කරන පරිදි, මෙම නව ජීප් රථ දැනටමත් පරිපාලන සහ ක්ෂේත්‍ර මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇත. මීට පෙර හමුදාව සිය අවශ්‍යතා සඳහා පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත වාහන ලබාගෙන තිබූ අතර, ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 1.5ක පමණ පිරිවැයක් දැරීමට සිදුවිය. මෙම නව වාහන භාවිතයට පැමිණීමත් සමඟ කුලී වාහන ඉවත් කිරීමට හැකිවී ඇති බැවින්, රජයේ වියදම්වලින් මසකට රුපියල් මිලියන 1.5 බැගින් වසරකට රුපියල් මිලියන 18කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට යුද හමුදාවට අවස්ථාව ලැබී තිබේ.


























