ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයක් වන ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි පන්සලක අද (සෙනසුරාදා) අලුයම ඇති වූ තෙරපීමක් හේතුවෙන් අවම වශයෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් ප්‍රාන්ත නිලධාරියෙක් පවසා ඇත.හින්දූන් විසින් සුබදායක දිනයක් ලෙස සලකන ‘ඒකාදශි’ දිනයේදී, ශ්‍රීකාකුලම් නගරයේ පිහිටි ශ්‍රී වෙන්කතේශ්වර ස්වාමි (Sri Venkateswara Swamy) දේවාලයට බැතිමතුන් විශාල වශයෙන් රැස්වීම හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති පවන් කල්‍යාන් මහතා පැවසීය.”මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇත,” යනුවෙන් කල්‍යාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම දේවාලය පෞද්ගලික පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන බවද සඳහන් කරමිනි. ඔහු මරණ සංඛ්‍යාව නවයක් බව තහවුරු කළේය.සාමාන්‍යයෙන් 2,000 කට පමණක් ඉඩ පහසුකම් ඇති මෙම දේවාලයට බැතිමතුන් 25,000 ක් පමණ එක්රැස් වීම මෙම තෙරපීමට හේතු වූ බව ප්‍රාන්ත අමාත්‍ය අනම් රාමනායනා රෙඩ්ඩි (Anam Ramanarayana Reddy) වැඩිදුරටත් පැවසීය. තුවාල ලැබූවන්ට වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස දිස්ත්‍රික් නිලධාරීන්ට දැනුම් දී ඇත.අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා X හි (පෙර ට්විටර්) පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, මියගිය පවුල්වලට රුපියල් 200,000ක් ($2,300) බැගින් ද, තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ($570) බැගින් ද වන්දි මුදලක් රජය විසින් ගෙවන බවයි.






















