ඉන්දියාවේ වන්දනා ගමන් සඳහා ශ්‍රී ලංකිකයින්ට UPI One World ඩිජිටල් ගෙවීම් පහසුකම හඳුන්වා දෙයි

ඉන්දියාවේ වන්දනා ගමන් සඳහා යන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් UPI One World ඩිජිටල් ගෙවීම් පහසුකම හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් සඳුදා (17) දින දියත් කරන ලදී. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) සමඟ එක්ව මෙම වැඩසටහන දියත් කර තිබේ. නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, මෙම පුරෝගාමී ඩිජිටල් ගෙවීම් පහසුකම මඟින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට ඉන්දීය ජංගම දුරකථන අංකයක් අවශ්‍යතාවයකින් තොරව, මුදල් රැගෙන යාමට වඩා නවීන, පහසු විකල්පයක් ලබා දෙමින්, ඉන්දියාව පුරා ආරක්ෂිතව සහ ක්ෂණිකව ගෙවීම් කිරීමට හැකි වේ. නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මෙම දියත් කිරීමේ උත්සවයට බෞද්ධ බැතිමතුන්ගේ විවේක මධ්‍යස්ථානයේ පරිපාලන ලේකම් පූජ්‍ය බෙරගම විමලබුද්ධි ස්වාමීන් වහන්සේ, NPCI හි මධ්‍යම රජයේ සබඳතා භාර නිලධාරී රවී කාන්ත් ශර්මා සහ NPCI හි UPI වර්ධනය භාර නිලධාරී විවේක් ගාර්ග් යන මහත්වරුන් සහභාගී විය. මෙම පහසුකම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ට ද ප්‍රයෝජනවත් වන අතර, ඔවුන්ගේ රැඳී සිටීම තුළ වැඩි මූල්‍ය නම්‍යශීලී බවක් සහ ආරක්ෂාවක් සපයනු ඇත. ශ්‍රී ලාංකික අමුත්තන් සඳහා UPI One World හඳුන්වා දීම, ඔවුන්ගේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ දෙරට අතර ජනතා සම්බන්ධතා පහසු කිරීමට අර්ථවත් ප්‍රගතියක් නියෝජනය කරන බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. තවද, මෙය ඩිජිටල් නවෝත්පාදනයන් සහ සංචාරයේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගැඹුරු වන සහයෝගීතාවය ද අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 846

Leave A Reply

Your email address will not be published. Required fields are marked *