නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමට සහ නිර්මාණශීලී ගුරුවරුන් වෙනුවෙන් විශේෂ අවස්ථා නිර්මාණය කිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිවේදනය කළාය.ඉන්දීය රජයේ සහාය ඇතිව පොලොන්නරුව ප්‍රදේශයේ ඉදිකරන ලද බහු-වාර්ගික, තෙමහල් පාසලක සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.රජයේ අධ්‍යාපන පරිවර්තන වැඩසටහනට අනුකූලව, ගුරු ධාරිතාව ඉහළ නැංවීම සහ නව්‍ය ඉගැන්වීමේ ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව ඉවහල් වන බවද ඇය අවධාරණය කළාය.
 
 























