ඉන්දියාවේ සැඟවී සිටි ‘පොඩි ලැසී’ අද අලුයම දිවයිනට රැගෙන එයි!

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ආ බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, දකුණු පළාතේ සිදු වූ මිනීමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් සහ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි. වැඩිදුර විමර්ශන සඳහා මොහුව ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.​2025 දෙසැම්බර් 09 වැනි දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි කොන්දේසි මත ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැර තිබුණි. කෙසේ වෙතත්, ඔහු එම ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරටින් පලා ගොස් ඉන්දියාවේ සැඟවී සිටින බව ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කර ගන්නා ලදී. පසුව, වැඩබලන පොලිස්පතිවරයා සෘජුවම ඉන්දීය පොලිසිය වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඔහුව කඩිනමින් මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,028

Leave A Reply

Your email address will not be published. Required fields are marked *