ඉන්දියාව සහ පාකිස්ථාන පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇතැයි, අමෙරිකානු ජනපති කියයි

ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම්  සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි.

ඉන්දියාව සමග සටන් විරාමයකට එකඟ වූ බව, පාකිස්ථාන උප අගමැති ඉෂාක් ඩර් ද, නිවේදනය කළේ ය.

ඔහු සඳහන් කළේ, පාකිස්ථාන සෑම විටම කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවයි.

සටන් විරාමය සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීම සඳහා ඉන්දියාව ද, තව සුළු වේලාවකින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

ඒ, එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර විරසයක යළි අලුත් වුණේ, පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු – කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් 26 දෙනෙකු මියයෑමත් සමගිනි.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *