ඉන්දීය අගමැතිවරයාගේ නිල සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

ඒ අනුව අද(04) සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයතුළ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගයද වරින් වර වසා දැමීමට සිදුවන බවත්, හෙට(05)කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය , බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවන බවද ඒ් මහතා පැවසීය

මෙම කාලසීමව තුළදී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමුවෙන ලෙසත් ඒ්සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් මහජනතාවගේ ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 685

Leave A Reply

Your email address will not be published. Required fields are marked *