ඉන්දීය ආධාර: ක්ෂේත්‍ර රෝහල් දෙකක් අද ශ්‍රී ලංකාවට

​දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ඉන්දීය රජය ඉක්මනින් ස්ථාපනය කළ හැකි ක්ෂේත්‍ර රෝහල් දෙකක් ශ්‍රී ලංකාවට ලබා දෙයි. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ආපදා බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා ආධාර සැපයීම සඳහා මෙම ක්ෂේත්‍ර රෝහල් 70 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ මෙරටට එවීම සිදුවේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම ක්ෂේත්‍ර රෝහල් අද සවස ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවයි.

What's your reaction?

Related Posts

1 of 641

Leave A Reply

Your email address will not be published. Required fields are marked *