ප්‍රධාන එන්ජින්වල ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් අනතුරට පත් වූ ‘MV INTEGRITY STAR’ නමැති වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව 2025 ඔක්තෝබර් 24 වන දින යාත්‍රා කර තිබේ.මෙම සිදුවීම පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, සමුද්‍ර සෙවීම් සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානයේ (Maritime Search and Rescue Centre) සම්බන්ධීකරණය යටතේ ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ බව නාවික හමුදාව පවසයි.අනතුරට පත් වූ නෞකාවේ සිටි ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයේ 14 දෙනාට සහාය වීම සහ ඔවුන් බේරා ගැනීම සඳහා සමුදුර නෞකාව යොදවා ඇත.


























