ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවාගෙන සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අද දිනයේදී යළි ඉන්දියාවට පිටත් කර හැර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙම ධීවරයින්, ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මෙරටදී රඳවාගනු ලැබූ පිරිස අතර සිටි අය වෙති.






















