ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හෙට (දෙසැම්බර් 23) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේය. මෙම සංචාරයේදී ඒ මහතා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසු ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ක්‍රියාත්මක කෙරුණු ‘සාගර් බන්ධු’ (Sagar Bandhu) මෙහෙයුම පසුබිම් කරගනිමින් සිදුවන මෙම සංචාරය, ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාව’ ලබාදීමේ ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු කරන්නකි. අර්බුදකාරී අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව දක්වන අඛණ්ඩ සහයෝගය මෙම සම්බන්ධතාවය හරහා මැනවින් පෙන්නුම් කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

























