ඉන්දීය සහායෙන් ඉදිවූ පළමු බේලි පාලම විවෘතයි: මධ්‍යම සහ ඌව පළාත් යළි යා වෙයි

සුළි කුණාටුවෙන් පසුව සිදුකෙරෙන යළි ගොඩනැගීමේ ඉන්දීය සහන පැකේජය යටතේ නිම කරන ලද ප්‍රථම බේලි පාලම පසුගිය ඉරිදා ජනතා අයිතියට පත් කෙරිණි. මහනුවර – රාගල මාර්ගයේ B-492 මහා මාර්ගයෙහි ස්ථාපනය කරන ලද මෙම අඩි 100ක් දිගැති පාලම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන් එක්විය.​මෙම පාලම විවෘත කිරීමත් සමඟ සුළි කුණාටුවෙන් දැඩි ලෙස අලාභහානි වී තිබූ මධ්‍යම සහ ඌව පළාත් යා කරන ප්‍රධාන ප්‍රවාහන සබඳතාව යළි ස්ථාපිත වී ඇත. මින් ඉදිරියට ප්‍රදේශවාසීන්ට, දෛනික මගීන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ද කිසිදු බාධාවකින් තොරව ගමනාගමන කටයුතු සිදු කිරීමට හැකි වන අතර, පළාත් දෙක අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හුවමාරුව ද මේ හරහා වඩාත් පහසු වනු ඇතැයි බලධාරීහු පෙන්වා දෙති.​ඉන්දීය රජයේ ආපදා පසුකාලීන ප්‍රතිසාධන ප්‍රයත්නයන්හි එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර, පාලම ඉදිකිරීමේ කටයුතු ඉන්දීය යුද හමුදාවේ ADGPI ඒකකය විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු මෙරට බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *