රට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර යන කතා පදනම් විරහිත බවත්, එළඹෙන ජූනි මාසයේ මුල් සතිය දක්වා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන සංචිත පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. මේ වන විටත් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඊයේ (08) දිනයේදීත් ඩීසල් රැගත් තෙවන නෞකාව සාර්ථකව දිවයිනට පැමිණ තිබේ.අනාගතයේදී ද හිඟයකින් තොරව බලශක්ති අවශ්‍යතා සපුරාලීමට විදෙස් රටවල් කිහිපයක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසයි. ඒ අනුව, ක්‍රමවත් සැලසුම් මත ඉදිරියටත් ඉන්ධන නෞකා මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටියි.






















