ඉන්ධන කෝටාව වැඩි නොකළහොත් ත්‍රිරෝද රථ රියදුරන් අරගලයට

පවතින QR කේත ක්‍රමය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව තම ජීවනෝපාය පවත්වාගෙන යාමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසමින් ත්‍රිරෝද රථ රියදුරන් විරෝධතාවලට සැරසෙයි. වර්තමානයේ සතියකට හිමිවන ලීටර් 15 ක ප්‍රමාණය වෙනුවට, අවම වශයෙන් ලීටර් 35 ක් වත් අවශ්‍ය බව පෙන්වා දෙන ත්‍රිරෝද රථ සංගම්, මෙම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පවත්වන බවට අනතුරු අඟවා ඇත.​ත්‍රිරෝද රථ රියදුරන්ට අමතරව පාසල් ප්‍රවාහන සේවා සපයන්නන් සහ පෞද්ගලික බස් රථ හිමියන් ද සිය සේවාවන් අඩාල වීමේ අවදානමක් පවතින බව ප්‍රකාශ කර සිටියි. පාසල් බස් රථ සඳහා ලබාදෙන ලීටර් 60 ක ඩීසල් කෝටාව ලීටර් 100 දක්වා වැඩි කරන ලෙස එම ක්ෂේත්‍රයේ නියුතු වූවන් ඉල්ලා සිටින අතර, පෞද්ගලික බස් රථ හිමියන් පෙන්වා දෙන්නේ ඉන්ධන සීමාවන් හේතුවෙන් ඉදිරියේදී බස් රථ ගමන් වාර සීමා කිරීමට සිදුවිය හැකි බවයි.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *