ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්? ආනන්ද පාලිතගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්!

පෞද්ගලික අංශයේ අවශ්‍යතා මත මෙරට ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමේ අවදානමක් පවතින බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පවසයි. ඩොලරයේ අගය ඉහළ යාම හේතුවක් ලෙස දක්වමින් රජය මෙම මිල සංශෝධනයට සැරසෙන බවත්, ඉන්ධන නිකුත් කිරීම සීමා කරන ලෙස දැනටමත් උපදෙස් ලැබී ඇති බවත් ඔහු අනාවරණය කරයි. තොග මිල ගණන් සහ ඉන්ධන නැව් ලබාගත් සැබෑ වටිනාකම් ජනතාවට හෙළි කළ යුතු බව පවසන ඒ මහතා, රජය මැදිහත් වී ජනතාවට සහන සැලසීම වෙනුවට ලාභ ලැබීම පමණක් අරමුණු කරගෙන ඇති බවට චෝදනා කළේය.​මෙම මිල වැඩි කිරීම අද දිනයේ ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත්, එය සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු පෙන්වා දෙයි. පවතින ඉන්ධන තොග කළමනාකරණය සඳහා “ඔත්තේ-ඉරට්ටේ” ක්‍රමය වැනි විකල්ප මීට පෙර හඳුන්වා දුන්නේ නම් මැයි මාසය දක්වා ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දීමට හැකියාව තිබූ බව ඔහුගේ අදහසයි. රජය විසින් ස්ථාපනය කර ඇති මිල නියාමන කොමිෂන් සභා ස්වාධීන නොවන බවත්, ඒවා හුදෙක් ජනතාව සූරාකෑම සඳහා යොදාගන්නා “සූත්‍ර” පමණක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.​කෙසේ වෙතත්, වත්මන් බලශක්ති අර්බුදය හමුවේ පෞද්ගලික අංශයට ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීම හේතුවෙන් රටේ ධාවන කටයුතු යම් ප්‍රමාණයකට හෝ පවත්වා ගැනීමට හැකි වී ඇති බව ආනන්ද පාලිත මහතා මෙහිදී සිහිපත් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් එම තීරණය නොවන්නට අද වන විට රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමට ඉඩ තිබූ බවත්, චීන වරායේ සිට අයි.ඕ.සී (IOC) සමාගම හරහා තෙල් බෙදාහැරීම අඛණ්ඩව සිදුවීම වාසනාවක් බවත් ඔහු සඳහන් කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,059

Leave A Reply

Your email address will not be published. Required fields are marked *