ඉන්යුලින් ඇතුළු ඖෂධ හිටිය හා ශල්‍ය උපකරණ හිඟයෙන් මහජනතාව පීඩාවට..

2023 විගණන වාර්තාවෙන් සෞඛ්‍යයට එල්ල වූ චෝදනා බැහැර කිරීම කණගාටුවට කරුණක්..

බොරු කියන නිලධාරීන් නිසා සෞඛ්‍ය කොට උඩ..

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

#

අවසානවට නිකුත් වූ විගණන වාර්තාව තම පාලන කාලයේදී සිදු නොවූ බවට පවසමින් එය සාධාරණීකරණය කොට දුෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් ගලවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් විටින් විට ජනමාධ්‍යයට පැමිණ කරන ප්‍රකාශ කණගාටුවට කරුණක් බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ සෘජුව අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

අඩු මිලට ගෙන් විය හැකි බෙහෙත් වැඩි මිලට මිලදී ගැනීම ගැන පරීක්ෂණ සිදු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එයට පරස්පර විරෝධී ලෙස එවන් සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ‍ය අමාත්‍යාංශ ඉහල නිලධාරීන් ජනමාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශ පුදුම සහගත බව ඔහු වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ නිෂ්පාදන සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ පසුගිය කාලයේ සිදුවූ දූෂණ වංචා රැසක් විගණකාධිපතිවරයා පෙන්වා දෙන ලදී.

එම දූෂණවලට සම්බන්ධ නිලධාරින් තවදුරටත් අමාත්‍යාංශයේ සේවය කිරීමත් සෞඛ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ හිඟයට වගකිවයුතු නිලධාරීන් දේශපාලකයින් නොමග යවන සුළු බව පැහැදිලි බවද ඔහු පවසයි.

ඖෂධ හිගය, බාල ඖෂධ පැමිණීම, සමාගම් ලියාපදිංචිය ප්‍රාතමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම ඇතුළු ගැටළු රැසක් තවමත් විසඳී නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අධික මිල ගන්නක් ගෙවා ස්ථාපිත කරන ලද වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවන බව දැනට පැහැදිලි වී ඇති බවත් එම දත්ත පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කළ නිලධාරීන්ද නීතිය හමුවට ගෙන ආ යුතු බව ඔහු පෙන්වයි.

What's your reaction?

Related Posts

1 of 570

Leave A Reply

Your email address will not be published. Required fields are marked *