පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 17 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට පාකිස්තාන අධිකරණයක් සෙනසුරාදා පියවර ගෙන ඇත. රාජ්‍ය ත්‍යාග ලෙස ලැබුණු වටිනා භාණ්ඩ නීති විරෝධී ලෙස තමන් සන්තකයේ තබා ගැනීම සහ ඒවා විකිණීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වීම මෙම දඬුවමට හේතුවයි. වසර කිහිපයක් තිස්සේ ඇදී ගිය මෙම නඩුව මඟින් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණේ සවුදි අරාබි රජයෙන් ලැබුණු ස්වර්ණාභරණ ඇතුළු විවිධ ත්‍යාග වෙළඳපොළ වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට අලෙවි කළ බවටයි. කෙසේ වෙතත්, ඔවුන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති. දූෂණ චෝදනා සහ රාජ්‍ය රහස් හෙළි කිරීම ඇතුළු විවිධ චෝදනා මත ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව පසුවන අතර, ඔහු පවසන්නේ මේවා දේශපාලනික වශයෙන් පෙළඹවූ චෝදනා බවයි. මීට පෙර ඔහුට එරෙහිව පැවති ඇතැම් චෝදනා වලින් ඔහු නිදහස් කර තිබීම ද විශේෂත්වයකි.

























