ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලය විසින් ශෝක ප්‍රකාශ සටහන් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත. පෙබරවාරි 28 වන දින ටෙහෙරාන් නුවරදී එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් උත්තරීතර නායකයා “වීරෝදාර ලෙස මියගිය” (Martyrdom) බව දන්වමින්, ඉරාන තානාපති කාර්යාලය විසින් මාර්තු 02 වන දින ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු මෙරට පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙම ශෝක ප්‍රකාශ සටහන් කිරීමේ අවස්ථාව කොළඹ 07, බෞද්ධාලෝක මාවත, අංක 222 දරන ස්ථානයේ පිහිටි තානාපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.මෙම ශෝක ප්‍රකාශ පොත 2026 මාර්තු 04 වන බදාදා, මාර්තු 05 වන බ්‍රහස්පතින්දා සහ මාර්තු 06 වන සිකුරාදා යන තෙදින තුළ පෙවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබෙන බව තානාපති කාර්යාලය සඳහන් කරයි. මීට අමතරව, යමෙකුට සෘජුව පැමිණීමට නොහැකි නම් ඉරාන තානාපති කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය (Email) හරහා ද සිය ශෝක ප්‍රකාශ පණිවිඩ යොමු කිරීමේ හැකියාව පවතී.

























