ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දෙයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසදය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ බව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිං පුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත් ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟදී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේය.

එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත් ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන ඇත්තේද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *