ඊබ්‍රාහිම්ට එරෙහි පාස්කු නඩුව කල් යයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට සැඟවූ බවට චෝදනා එල්ල වී සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම්ට එරෙහි නඩුවේ විභාගය ජූලි 02 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහිදී, නඩුවේ දෙවන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි, මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බව හෙළි විය. අනෙක් සාක්ෂිකාරියක ද විදේශගත වීමේ අවදානමක් ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

What's your reaction?

Related Posts

1 of 748

Leave A Reply

Your email address will not be published. Required fields are marked *