ඊශ්‍රායලයේ විශේෂ අවශ්‍යතා සහිත දැරියක දූෂණය කළ බවට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ආයතනයක අධ්‍යාපනය ලබන පාසල් දැරියක දූෂණය කළ බවට එල්ල වූ චෝදනා මත ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි. ඉන්ටර්පෝල් (Interpol) ආයතනයේ ඊශ්‍රායල ශාඛාව මඟින් ලබා දුන් තොරතුරු වලට අනුව, 2025 මැයි මාසයේදී රැකියා සඳහා ඊශ්‍රායලයට ගොස් ඇති මෙම සැකකරු, සිය නිල රැකියා ක්ෂේත්‍රයෙන් බැහැරව තාවකාලික රැකියාවක නිරතව සිටියදී බීට් ෂෙමේෂ් (Beit Shemesh) පොලිස් ස්ථානය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.​ඊශ්‍රායල බලධාරීන් මෙම නඩුව විශේෂ අවශ්‍යතා සහිත බාලවයස්කාර දැරියකට සිදු කළ අපයෝජනයක් ලෙස සලකා දැඩි පරීක්ෂණ පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය අවධාරණය කර සිටින්නේ, අපරාධ සහ සමාජීය හැසිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පවතින්නේ ඉතා දැඩි නීති පද්ධතියක් බවයි. මෙවැනි බරපතල වැරදි සිදුකරන විදේශිකයන්ට දීර්ඝකාලීන සිරදඬුවම් විඳීමට සහ රටින් පිටුවහල් කිරීමට සිදුවන බවට තානාපති කාර්යාලය එහිදී අනතුරු අඟවා ඇත. එබැවින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එරට නීති පද්ධතියට සහ සමාජ සම්මතයන්ට දැඩි ලෙස ගරු කරමින් කටයුතු කළ යුතු බවටද වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *