ඊශ්‍රායලයේ සේවය කරමින් සිටි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු නොවැම්බර් 13 වැනිදා රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාට අනුව, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ඉදිකිරීම් කටයුතු සඳහා මීට මාස දෙකකට පෙර ඊශ්‍රායලයට පැමිණ තිබේ. තවද, මෙම මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලීසියේ අන්තර්ජාතික පොලීස් (INTERPOL) ශාඛාව විසින් විමර්ශන පවත්වන බව තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. මෙම 38 හැවිරිදි පුද්ගලයා ශ්‍රී ලංකා රජය හරහා ලද රැකියා අවස්ථාවක් යටතේ ඊශ්‍රායලයට පැමිණි අයෙකු බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.























