ඊශ්‍රායලය, සිරියාවේ දමස්කස් අගනුවරට ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

තම හමුදා ගාසා තීරයෙන් ඉවත් විය යුතු බව සිරියාවේ නව රජය ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් මෙය සිදු කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ.

දමස්කස් නගරය ආසන්නයට ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල ගුවන් යානා දමස්කස් අගනුවරට කිලෝමීටර 20 ක් දකුණින් පිහිටි කිස්වේ නගරයට පහරදී ඇති බවත්, එම ප්‍රහාර සිරියානු හමුදා මූලස්ථානයකට එල්ල වී ඇති බවත් සිරියානු රජයේ නිලධාරීන් පවසනවා.

සිරියාවේ නව පාලන තන්ත්‍රය එරට දකුණු සිරියාවේ ඊශ්‍රායලයට තර්ජනයක් විය හැකි ආරක්ෂක කලාපය තුළ ත්‍රස්තවාදී සංවිධාන ස්ථාපනය කිරීමට දරන ඕනෑම උත්සහයක් නිෂ්ක්‍රිය කරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් වහාම ඉවත් විය යුතු බව සිරියානු රජය ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර වශයෙන් අවි ගබඩාවක් සහිත හමුදා මූලස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල රජය නිවේදන කර ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 548

Leave A Reply

Your email address will not be published. Required fields are marked *