ඊශ්‍රායල අගමැති සහ අමෙරිකානු ජනපති අතර හමුවක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබේ.

ඒ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 58 දෙනෙකු තවමත් ගාසා තීරයේ රඳවා සිටින බවට වාර්තා වේ.

පසුගියදා අවසන් වූ ඊශ්‍රායල ගාසා සටන් විරාමය තුළදී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කෙරිණි.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සාකච්ඡාවේ දී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, තවත් ඊශ්‍රායල-හමාස් සටන් විරාමයක් ඇති කිරීමට උත්සහ කරන බවයි.

2023 වසරේ ඔක්තෝබර් 7 වනදා සිට, මේ දක්වා කාලය තුළ පලස්තීනුවන් 50,700 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් තිබේ.

What's your reaction?

Related Posts

1 of 699

Leave A Reply

Your email address will not be published. Required fields are marked *