ඉහළ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (19) සවස නුවර – කොළඹ කොටුව අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් අද (20) දින උඩරට මාර්ගයේ දුම්රිය සේවා 7ක් අවලංගු කර තිබේ.දුම්රිය බලධාරීන් පවසන්නේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සහ අනතුර සිදුවූ ස්ථානයට ළඟා වීමට ඇති දුෂ්කරතා හේතුවෙන් ප්‍රතිසාධන කටයුතු අඩාල වී ඇති බවත්, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවත්ය.ඒ අනුව, කොළඹ කොටුවෙන් බදුල්ල, නුවර, සහ මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය 3ක් සහ නුවර, මාතලේ, බදුල්ල, සහ බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රිය 4ක් දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.අවලංගු කරන ලද දුම්රිය සේවා:
පෙ.ව. 05.50 – කොළඹ කොටුව සිට බදුල්ල දක්වාපෙ.ව. 07.00 – කොළඹ කොටුව සිට නුවර දක්වා (අන්තර් නගර සීඝ්‍රගාමී)
පෙ.ව. 10.35 – කොළඹ කොටුව සිට මාතලේ දක්වාපෙ.ව. 04.50 – මාතලේ සිට කොළඹ කොටුව දක්වාපෙ.ව. 05.00 – නුවර සිට බෙලිඅත්ත දක්වා
පෙ.ව. 06.15 – නුවර සිට කොළඹ කොටුව දක්වා
පෙ.ව. 08.30 – බදුල්ල සිට කොළඹ කොටුව දක්වා
මේ අතර, කොළඹ කොටුවෙන් පෙ.ව. 8.30ට බදුල්ල බලා පිටත්වීමට නියමිත දුම්රිය සහ බදුල්ලෙන් පෙ.ව. 9.45ට පිටත්වීමට නියමිත දුම්රිය යන දෙකම තම නියමිත වේලාවන්හිදී මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.